var popunder = true; හින්දි සින්දු: සුභ නව වසරක් වේවා

Sunday, 1 January 2012

සුභ නව වසරක් වේවා

මගේ බ්ලොග් අඩවිය පටන් අරන් තවමත් එපමණ කාලයක් ගතවෙලා නෑ. ඒත් ඒකත් එක්ක රැඳිලා ඉන්න යාහළුවෝ හැමෝටම බොහෝම ස්තූතියි. 2012 වර්ශයට පා තබන අද දවසේ මම ප්‍රාර්ථනා කරන්නේ ඔබේ අපේ සියළු පැතුම් ඉටුවන වසරක් වේවා කියා.

හින්දි සින්දු බ්ලොග් අඩවියේ පලවෙන ගීත වල අනුවර්තනයන් වල මොනයම් හෝ වෙනස් කමක් වෙන්න ඕන නම් මට කියන්න. මොක ද මාත් තනිවම ඉගෙන ගන්න ගමන් ම තමයි මේ වැඩේ කරගෙන යන්නේ.

ගත වෙච්ච 2011 වර්ශය නම් බොලිවුඩ් සිනමාව උඩුයටිකුරු කරාපු වර්ශයක්. අළුත් චිත්‍රපටි සංස්කෘතිකමය වෙනස් කම් අසසම්තය සම්මත බවට පත්කිරීම් ඇති කරපු වර්ශයක් සේ සලකනවා.

පසුගිය පොස්ට් කිහිපයක සිට මම මේ පරිවර්තනය කරන සින්දු බාගත කරන්න අවස්ථාව දුන්නා.

මේ අඩවිය පටන් ගන්න කොට උදව් කරපු සුරේන්.එන්.සේමගේ සහෝදරයාව ස්තූති පූර්වකව මතක් කරන්න ඕන.

ඉතින් ඔබට අළුත් විදියකට අළුත් ගීත පැරණි ගීත මේ සියල්ල ලබා දෙන්න අපේක්ෂා කරනවා.. ඒවගේම මේ ගීත වල වීඩියෝ පටය ද ඔබට බාගත කිරීම හැකි වන පරිදි ඉදිරියේදී කටයුතු කරනවා.

රැදී ඉන්න ඔබට බොහෝම ස්තූතියි..