var popunder = true; හින්දි සින්දු: එයයි ආදරය -Ishq wala love- Student of the Year (2012)

Wednesday 5 December 2012

එයයි ආදරය -Ishq wala love- Student of the Year (2012)





Surkh wala soze waala faiz waalaa love
Hota hai jo love se zyaada
Waisey waala love

ආලයේ පැහැයන් ප්‍රේමයේ දුක ද
ප්‍රේමය හැර වෙන නම් කුමක් ද
එයයි ආදරය



Ishq wala love
Hua joh dard bhi hamko aaj kuch zyaada hua
Ishq wala love
yeh kya hua hai kya khabar yahi pataa
hai zyaada hua
Ishq wala love
Agarr yeh usko bhi hua hai phirr bhi
mujhko zyaada hua
Ishq wala love

ආදරය ආදරය ගැනමයි
අද වේදනා වින්ද ද, එය සාමාන්‍ය දෙයට වඩා වැඩි යමකී
ආදරය ආදරය ගැනමයි
කුමක් වුවාද නොදනී, මා දන්නේ මෙපමණකී..
එය සාමාන්‍ය දෙයට වඩා වැඩි යමක් බවකී
ආදරය ආදරය ගැනමයි
ඇයට ද එය මෙසේ දැනේ නම්
ඇයටද වඩා මට දැනේ..
ආදරය ආදරය ගැනමයි

Meri neend jaise pehli baar tooti ho
Aankhen mal ke maine dekhi hai subah
Huee dhoop zyaada le ke teri roshni,
din chadha
Ishq waala love..

ප්‍රථමවතාවට මාගේ නින්ද බිඳී ගොසිනි
උදෑසන මා දැස් පිසදමද්දී ඔබ ආලෝකයේ තබා තදින් හිරු දිලේ
හිරු මුදුනත් වු කල් හී
ඒ ආදරය ආදරය ගැනමයි

Jhaanke baadlon ki jaali ke peechhe se
Ghare chaandni yeh mujhko itna
Le ke noor sa woh chaand mera yaheen pe

hai chhupa chhupa hua
Ishq wala love..

වලාඅතර ඔහු සැඟවී
සඳු චන්දාලෝකයේ මාදෙස බලා
දිලෙමින්
මාගේ සඳවත සැඟවී
ආදරය ආදරය ගැනමයි ආදරයේ ගැඹුරයි

Jo aise hota joh milte tum, ho jaate
gum saath mere
Hote hote hoga samjhaaye ho, tham jaa
ae thamm, oh dil mere
Tutaa zyada zyada taara jab gira
Zara zyaada zyaada mangoon dil teraa
Kabhi zyaada zyaada maane na dil yeh
sarphira, ishq wala love
Badaa yeh dil nadan tha, par aaj kuch
zyaada hua, ishq wala love

ඔබ හමුවී මා හා වෙන්වු විට එසේ සිදුවේ..
සෙමින් සෙමින් තේරුම්ගන්න, ඉවසන්න මා හදවත
කඩාහැලෙන තරුවක් දුටු විට
මා ඔබේ හදවතින් වැඩිපුර යමක් ඉල්ලුවෙමී..
මේ උමතු හදවත විටක මට ඇහුම්කන් නොදෙයි
මේ ආදරයේ දී
මේ හදවත මෝඩයි.. එනමුත්
අද එය තවත් මෝඩයි ඒ  ආදරය ආදරය ගැනමයි

jo khone ka tha dar tujhe, pata nahin
kyoon zyada hua
Ishq wala love
Hua joh dard bhi to hamko aaj kuchh
zyada hua..

බිය තුරුවී ඔබ දැනුනේ ඇයිදෝ කියා මම නොදන්නේමී
ආදරය ආදරය ගැනමයි
අද වේදනා වින්ද ද, එය සාමාන්‍ය දෙයට වඩා වැඩි යමකී
ආදරය ආදරය ගැනමයි


Surkh wala, soz wala, faiz wala love..

ගීතය බාගත කරන්න | Download Song
ගීතය බාගත කරන්න | Download Song (MashMix)


චිත්‍රපටය -  ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් (2012)
ගීතය - ඉෂ්ක වාලා ලව්
ගායනය - ශේකර් රාව්ජියානි, සලීම් මර්චන්ට්, නීති මුහාන්
සංගීතය - විශාල්- ශේඛර්
පද රචනය - අන්විතා දත්, විශාල් දද්ලානී
අධ්‍යක්ෂණය - කරන් ජොහාර්
රංග වින්‍යාසය - ෆාරා ඛාන්
රංගනය - අලියා භට්, සිද්ධාර්ත්, වරුන්

4 comments:

  1. හරි ලස්සන වචන හින්දි වල තියෙන්නේ.ස්තුතියි ඔබට එහි තේරුමත් අපට දෙනවට
    මනසින් දිවියට

    ReplyDelete
  2. අනිවාර්යයයෙන්ම අක්කේ... ඒ වචන වලින් කියන්නේ සරලව වුනාට මාර හැඟීමක් තියෙන්නේ

    ReplyDelete
  3. හ්ම්... මං දැනන් හිටියේ නෑනේ හින්දි මේ වගේ කියලා.

    ReplyDelete
  4. ඔව් ධම්මික හින්දි හරි ලස්සනයි...

    ReplyDelete