var popunder = true; හින්දි සින්දු: Shri Hari stotram
Showing posts with label Shri Hari stotram. Show all posts
Showing posts with label Shri Hari stotram. Show all posts

Monday, 3 August 2026

Shri Hari Stotram - English / Sinhala meaning - Maha Vishnu

 



agajjalapalam-kachad kantha-malam
sarah-chandrabhalam-maha-daitya-kalam
nabho-neelakayam-durava-ramayam
supadma-sahayam-bhaje-[a]ham-bhaje-[a]ham

සරත් සමයෙහි පූර්ණ සඳ සේ දිලෙන නළලතින් යුත්

දිලෙන මාල දමකින් ගෙල සරසා බැබළෙන උතුම් 

අසුර කුලයේ භීතිය මවන, නපුර නසන දෙවිඳුනි 

නීල මේඝ වර්ණයෙන් මුළු සිරුරම හැඩ කළ මහී

සකල මායාවන්ගේ කෙළවර දුටු මහා බලැති

පියුම් දියණිය වන පද්මාවතීගේ එකම හිමියා වූ
 
ලෝක නාථ ශ්‍රී හරී දෙවිඳුන් වෙත

මගේ සිරස නමා නිතියෙන් මම නමස්කාර කරමී!


sadam-bhodhi-vasam-galath-pushpa-hasam
jagat-sannivasam-satha-dhitya-bhasam
gada-chakra-sastram-lasad-peeta-vastram
hasacharu-vaktram-bhaje-[a]ham-bhaje-[a]ham
 


 ක්ෂීර සයුර මත නිතැතින් වැජඹෙන

පුෂ්පොදිත මන්දස්මිතයෙන් යුත්

විශ්වය පුරා සර්වප්‍රකාරයෙන් වැඩසිටින 

හිරු මඬලු සියයක් එකවර පෑසු සේ - රන්වන් ඔභාසයෙන් බබළන

ගදාවත් සක්වල ආයුධ දරනා

රන්වන් පට පිළියෙන් සැරසුණු -

මනස්කාන්ත මුහුණෙහි සිනහ රැස් නංවන -

ඒ උතුම් ශ්‍රී හරී දෙවිඳුන් වෙත -

මගේ සිරස නමා නිතියෙන් මම නමස්කාර කරමී!



ramakanta-haram-sruti-vrata-saram
jalantar-viharam-dhara-bhara-haram
chidananda-roopam-manogyan-swaroopam
dritha-neka-roopam-bhaje-[a]ham-bhaje-[a]ham


ලක්ෂ්මී දේවියට ස්වාමී වී

සතර වේදයේ සාරය වූ
 
ක්ෂීර සිඳු නිවස්නව - මහ පොළොවේ බර දරා 

 මන බඳින ආනන්දනීය රූපයෙන් යුතු - දසාවතාර වෙමින්ග ලෝකයා රකින්නා වූ

 ඒ උතුම් ශ්‍රී හරී දෙවිඳුන් වෙත 

මගේ සිරස නමා නිතියෙන් මම නමස්කාර කරමී!

 
jara-janma-heenam-para-nanda-peenam
sama-dhana-leenam-sadaiva-navee-nam
jagat[j]-janma-hetum-suraneeka-ketum
Trilokai-ka-setum-bhaje-[a]ham-bhaje-[a]ham
 
ජාති ජරා මරණ බිය දුරුකළ - සදා ආනන්දයෙන් නිවනට පත්වූ

මවතට සම වැදුණු සිතැති - සදාකාලික යෞවනයෙන් බබළන

විශ්ව උත්පත්තියට මුල් වූ - දෙවිවන්ගේ සේනා සුරකින

 තුන් ලෝකය යා කරන පාලම බඳු වූ

 ඒ උතුම් ශ්‍රී හරී දෙවිඳුන් වෙත

 මගේ සිරස නමා නිතියෙන් මම නමස්කාර කරමී!
 
kritham-naya-ganam-khaga-dhisa-yanam
vimukther-nidanam-hararati-manam
swabhakta-nukoolam-jagad-vriksha-moolam
nirastarta-soolam-bhaje-[a]ham-bhaje-[a]ham
 
වේදයන් නිරතුරු ගයන මහිම ඇති - ගුරුළු වාහනය කොට ගත්මු

මෝක්ෂයට මග ලබා දෙන - සතුරන්ගේ මාන්නය බිඳ දැමූ 

භක්තාන්මයන්ට සදා අනුකම්පා කරන

මහා වෘක්ෂයක් බඳු මේ සංසාරයේ මුල් බීජය වූ - 

භව දුක් සියල්ල සදහටම නිමා කරන

ඒ උතුම් ශ්‍රී හරී දෙවිඳුන් වෙත

මගේ සිරස නමා නිතියෙන් මම නමස්කාර කරමී!
 
samas-tama-resam-dwire-phabha-kesam
jagad[t]-bimba-lesam-hridakasa-desam
sada-divya-deham-vimukta-khi-leham
suvai-kuntha-geham-bhaje-[a]ham-bhaje-[a]ham
 
දෙවිවරුන්ගේ අධිපතියාණන් වූ

බඹර පියාපත් සේ කළු පැහැති කේශ කලාපයකින් යුත්

 මේ විශ්වයේ ඇති අංශු මාත්‍රයක් මාත්‍රයාක් පාසා පැතිරුණු

නිල්වන් අහස මෙන් පෙනෙන ශරීරයක් ඇති

සදා දිව්‍යමය රූපයකින් වැජඹෙන

ලෞකික බැමිවලින් මුළුමනින්ම මිදුණු 

වෛකුණ්ඨ දිව්‍ය ලෝකයෙහි නිවහන කොටගත් 

ඒ උතුම් ශ්‍රී හරී දෙවිඳුන් වෙත

මගේ සිරස නමා නිතියෙන් මම නමස්කාර කරමී!

 
surali-balishtam-triloki-varishtam
guru-[n]-am-garishtam-swaroopai-ka-nishtam
sada-yuddha-dheeram-maha-veera-veeram
bhavam-bhodi-dheeram-bhaje-[a]ham-bhaje-[a]ham||7||

සියලු දෙවිවරුන් අතුරින් පරාක්‍රමයෙන් අනූන වූ

තිලොවෙහි උතුම්ම උත්තමයා වූ

අද්විතීය, ඒකමයික ස්වරූපයෙන් වැජඹෙන

යුධ බිමේදී පවා සන්සුන් මනසින් යුත් 

වීරයන් අතර අග්‍රගණ්‍ය වූ

සයුරු තෙරෙහි නිතැතින් වැඩ සිටින
 
ඒ උතුම් ශ්‍රී හරී දෙවිඳුන් වෙත

මගේ සිරස නමා නිතියෙන් මම නමස්කාර කරමී!
 
rama-vama-bhagam-tala-nagnanagam
krita-dheena-yagam-gata-raga-ragam
muneen-draih-sugeetam-suraih-samparee-tam
Gunau-dhaira-teetaam-bhaje-[a]ham-bhaje-[a]ham||8||
 
ලක්ෂ්මියව පසෙකින් - අනන්ත ශේෂනාග සයනුතව

යාග හෝමයට අනුහස්ව

ලෞකික මායාවන්ගේ සළුවෙන් සම්පූර්ණයෙන් නිදහස් වූ

මුනිවරුන්ගේ මධුර මනස්කාන්ත ස්තෝත්‍රවලින් නැහැවෙන 

දෙව්බඹුන්ගේ මුදුන් මල්කඩින් නිතර පුද ලබන

සත්ත්ව, රජස්, තමස් යන ත්‍රිගුණයේ සීමාව ඉක්මවා ගිය 

සදා අනන්ත, පරම පවිත්‍ර ඒ උතුම් ශ්‍රී හරී දෙවිඳුන් වෙත

මගේ සිරස නමා නිතියෙන් මම නමස්කාර කරමී!

idam-yastu-nityam-sama-dhaya-chhitam
patthed-ashtakam-kantha-haram-murai-rah
sa-vishnor-vi-shokam-dhruvam-yaati-lokam
jara-janma-sokam-punar-vindante-no ||

ශ්‍රී හරී දෙවිඳුන්ගේ මේ අටක මාලය - උන්වහන්සේ ගෙල පළඳින දිව්‍ය මල් දම බඳුය! 

යමෙකු භක්තියෙන් යුතුව මේ අටක ස්තෝත්‍රය නිතර ගයයිද, 

හෙතෙම සියලු දුක්, සෝක, ජරා, මරණ බියෙන් මුදවා

පරම පවිත්‍ර වෛකුණ්ඨ මඟට පිවිසෙන්නේය 

මේ සුභකතාවෙහි කිසිදු සැකයක් නොමැත