var popunder = true; හින්දි සින්දු: පළමු වරටයි මේ හදවතට වසන්තය බව දැනුනේ (Bahara - I Hate Luv Stories)

Friday 20 May 2011

පළමු වරටයි මේ හදවතට වසන්තය බව දැනුනේ (Bahara - I Hate Luv Stories)





Ho tora saajan aayo tore des Badli badra badla saavan
Badla jag ne bhes re Tora saajan aayo tore des
 
ඕ මාගේ සුපෙම්වත
පොඩ්ඩක් පැමිණ බලන්න
මේ වළාවන් මේ වැසි වෙනස් දෝ කියා
මේ සෘතුවන් කොපමණ සුන්දර ද කියා

Soyi soyi palkon pe chal ke Meri sapno ki khidki pe aa gaye
Aate jaate phir mere dil ke Inn haathon mein woh khat pakda gaya
Pyaar ka Lafzon mein rang hai pyaar ka

පියමනිමින් ඔහු
මාගේ සිහින කවුළුවෙන් පැමිණියා
එමින් යමින් මාගේ හදවත ස්පර්ශ කලා
තිළිණ කලා අක්ෂරයක් 

ආදරෙ වදනේ පැහැයෙන් එකළු කලා


Bahara bahara hua dil pehli baar ve
Bahara bahara ki chain to hua faraar ve
Bahara bahara hua dil pehli pehli baar ve

වසන්තයේ පළමු වරටයි මේ හදවතට වසන්තය බව දැනුනේ
වසන්තයයි මේ වසන්තයයි හදවත නොසන්සුන් කරේ
වසන්තයේ පළමු වරටයි ඇත්තටම පළමු වරටයි මේ හදවතට වසන්තය බව දැනුනේ


Ho tora saajan aayo tore des Badli badra badla saavan
Badla jag ne bhes re Tora saajan aayo tore des

Woh kabhi dikhe zameen pe Kabhi woh chaand pe
Yeh nazar kahe usse yahan main Rakh loon baandh ke ik saans mein
Dhadkanon ke paas mein Haan paas mein ghar banaye
Haye bhoole yeh jahaan

ඔහුව විටෙක මිහිමතන් දකන්නෙමී
විටෙක දකින්නෙමි ඔහු සඳු මතින් දිළෙයි
මා සුරකිමියි ඔහු මා ‍සුසුම් තුළ ,
හදගැස්ම සමීපයේ සෙවනේ , කිසිවකුට ගෙන යා නොහැකි සේ
මේ ලොවින් අමතක කර

Bahara bahara hua dil pehli baar ve
Bahara bahara ki chain to hua faraar ve
Bahara bahara hua dil pehli pehli baar ve

පළමු වරටයි මේ හදවතට වසන්තය බව දැනුනේ
වසන්තයයි මේ වසන්තයයි දැන් හදවත නොසන්සුන් කරේ
පළමු වරටයි මේ හදවතට වසන්තය බව දැනුනේ






Reet mein tori ori sawariya Payal jaise chhanki bijuriya
Chham chham naache tan ke badariya ho
Baadaliya tu barse ghana Barse Ghana

ඔබේ ප්‍රේමයෙන් සුපෙම්වත
පා සළඹ රඟදේ මේ කෙල්ලගේ
මුවා වේ මේ රැඟුම් ඇගේ
වැටෙනා මේ තද වැස්සෙන්
වළාවන් බරවී ඇතේ මේ මහා වරුසාවෙන්



Jo yeh badaliyan woh chhed de Toh chhalke baarishein
Woh de aahatein kareeb se Toh bole khwaishein ke aaj kal
Zindagi har ek pal Har ek pal se chaahe haye jiska dil hua









වැහි බිඳු පතිත වේ පාවෙනා වළාවන් ඔබේ ස්පර්ශයෙන්
ඔහුගේ පිය ගැටෙනා හඬින් මා ළඟින්මයි කියා හැඟුම් දේ
මුළු ජීවිතයේ හැම මොහොතක්ම දෙන්න හැම මොහොතකින්ම 

මගේ හද කිසිවකු සතු වුවා පතන්නෙමී.



Bahara bahara hua dil pehli baar ve
Bahara bahara ki chain to hua faraar ve
Bahara bahara hua dil pehli pehli baar ve


වසන්තයේ පළමු වරටයි මේ හදවතට වසන්තය බව දැනුනේ
වසන්තයයි මේ වසන්තයයි හදවත නොසන්සුන් කරේ
වසන්තයේ පළමු වරටයි ඇත්තටම පළමු වරටයි මේ හදවතට වසන්තය බව දැනුනේ






ගායනය - ශ්‍රීයා ගෝෂාල්
සංගීතය - විශාල් ශේකර්
චිත්‍රපටය - අයි හේට් ලව් ස්ටෝරීස්
අධ්‍යක්ෂණය - පූනිත් මල්හෝත්‍රා
නිශ්පාදනය - ධර්මා ෆිල්ම්ස්/ කන් ජොහාර්, යාශ් ජොහාර්, රොනී ස්ක්‍රීව්වාලා 
රංගනය  - සෝනම් කපූර් සමඟ ඉම්රාන් ඛාන්

No comments:

Post a Comment