var popunder = true; හින්දි සින්දු: කෙලසකින් දෝ ඔබ මට හමුවුයේ - Kaise mujhe tum mil gayi - Gajini - 2008

Tuesday 12 June 2012

කෙලසකින් දෝ ඔබ මට හමුවුයේ - Kaise mujhe tum mil gayi - Gajini - 2008




Kaise mujhe tum mil gayi, kismat pe aaye naa yakeen
Utar aayi jheel mein, jaise chaand utarta hai
Kabhi haule haule dheere se
Gunguni dhoop ki tarah se tarannum mein tum
 Chhooke mujhe Guzri ho yoon
Dekhoon tumhe, Ya main sunoon
Tum ho sukoon, Tum ho junoon
Kyun pehle na Aayi tum?

කෙලසකින් දෝ ඔබ මට හමුවුයේ,
විශ්වාස කරන්නත් බැහැ ඒ මගේ භාග්‍යය යැයි කියා
ඉවුරුතෙරින් සඳු බැසයන්නා සේ ඔබ මා දිවියට ආවේ..
සෙමින් දයාන්විත වී
උණුසුම් හිරුකිරණක් මෙන්
ඔබේ ස්වරයෙන් මා සිපගත්තේ
මා ඔබ දැකිය යුතුදෝ සවන් දිය යුතු දෝ
ඔබයි මා අස්වැසිල්ල ද මා ලැදියා වද

මීට පෙර කිම දෝ ඔබ මට හමුනොවුයේ



Main to ye sochta tha ke aaj kal
Upar wale ko fursat nahi
Phir bhi tumhe banake woh
Meri nazar mein chadh gaya
Rutbe mein woh aur badh gaya

මා සිත ඒ ගැන සිතමින් ලතැවේ
දෙවියන් ද නැත විරාමයක්
ඒත්, ඔබ නිමැවීමෙන්
ඔහු මා දැසේ නංවා තබා
දෙවියන් ද ඉන් නික්මගියේ

Badle raaste jharne aur nadi,
Badle deep ki tim tim
Chhede zindagi dhun koi nayi,
Badle barkha ki rim jhim
Badlengi rituyen adaa
Par main rahoongi sada
Usi tarah teri bahon mein bahen daalke
Har lamha Har pal

මංමාවත්, ගලන්නා ඇළදොල වෙනස් කළා ගමන් මඟ
පහන් සිලේ ප්‍රභාව අඩු වූ වා
නව තාලෙකින් දිවිය ඇරඹේ
වැහි බිඳු පතිත වේ නෙක තාලෙන් රම් ජිම්
වෙනස් වී විලාසයන් සෘතුවේ
එනමුදු මා සිටින්නෙමී සදා
ඔබේ දෑතේ තුරුල්ලේ හැමදා ගතවේ මාගේ
හැම මොහොතකම හැම විටකදීම

Zindagi sitar ho gayi,
Rimjhim malhaar* ho gayi,
Mujhe aata nahi kismat pe apni yakeen, Kaise mujhko mili tum

ජීවිතය සිතාරයක් වුණී
මල්හාරයෙන්* උපදිනා වර්ශාවක් විය
විශ්වාස කරන්නට නොහැකි මා හටම
මා ඔබ ලබන්නට තරම් මා භාග්‍යවන්ත වුයේ කෙසේ දැයි කියා හිතාගන්නට ද නොහැකිය



 **මල්හාර යනුවෙන් මෙහි හැඳින්වෙන්නේ ඉන්දියානු රාගධාරී සංගීතයේ එන රාගයකී. මෙම රාගය නිසි ස්වරස්ථානයන්හි පිහිටා ගයන විට වර්ශාව ඇති වන බැව් සංගීතප්‍රවාදයන්හි පැවසේ..

ගීතය බාගත කරන්න | Download
සංගීත අනුවාදනය බාගත කරන්න | Download (Instrumental)


චිත්‍රපටය - ගජිනි (2008)
ගීතය - කෙසේ මුජේ තුම් මිල් ගයේ
ගායනය - බෙනි දයාල් සමඟ ශ්‍රෙයා ඝෝෂාල්
සංගීතය - ඒ ආර් රහුමාන්
පද - ප්‍රසාන් ජෝශී
අධ්‍යක්ෂණය - ඒ ආර් මුරුගන්දෝස්
නිශ්පාදනය - තාගෝර් මධු , මධු මන්තේනා
රංගනය - ආමීර් ඛාන් සමඟින් අසින්





6 comments:

  1. පුදුම විදියට හිතට වැදුණු සින්දුවක් ...

    ReplyDelete
  2. යේ කාම් බොහොත් බොහොත් අච්චා හේ බායි :)

    ReplyDelete
  3. අදමයි මේ පැත්තෙ ආවෙ. තෙරුම දැනගෙන තෙරුම් අරගෙන අහනකොට හිතට වදිනවා. මේ සේවාව බොහොම වැදගත් ස්තුතියි

    ReplyDelete
  4. බොහෝම ස්තුතියි සහෝදරවරුනි

    ReplyDelete
  5. ශානු ඔබටත් බොහෝම ස්තූතියි රැඳීඉන්න

    ReplyDelete