var popunder = true; හින්දි සින්දු: මා ගේ නම බබලනවා පුත ඔබ මාගේ රජකුමරායි -Tujhe suraj kahu ya chanda - Ek Phool Do Maali - 1969

Saturday 14 June 2014

මා ගේ නම බබලනවා පුත ඔබ මාගේ රජකුමරායි -Tujhe suraj kahu ya chanda - Ek Phool Do Maali - 1969



Mm mm mm mm mm.........
Tujhe suraj kahu ya chanda, tujhe dip kahu ya tara
Meraa nam karega roshan, jag me meraa raj dulara
ඔබට හිරු යැයි කියන්න දෝ නැතිනම් සඳු කියන්න ද 
පහනක් ලෙසින් අමතන්න දෝ නැතිනම් තරුවක් කියා
මා ගේ නම බබලනවා පුත ඔබ මාගේ රජකුමරායි



Mai kab se taras raha tha, mere aangan me koyee khele
Nanhee see hansee ke badle, meree saree duniya le le
Tere sang jhul raha hai, meree baho me jag sara
Meraa nam karega roshan, jag me meraa raj dulara

Tujhe suraj kahu ya chanda, tujhe dip kahu ya tara
Meraa nam karega roshan, jag me meraa raj dulara



මම බොහෝ කලක් බලා සිටියෙමි
මා නිවසේ ඔබ වැන්නෙකු කෙලිදෙලින් සිටිනු දැකීමට
ඔබගේ සුරතල් සිනහාවන් මා මුළු සිතම වශීකරයි
ඔබ හා මා තුරුළේ සිටිනා විට මා දෑතට ලොවම ලැබුනා යැයි දැනේ
මා ගේ නම බබලනවා පුත ඔබ මාගේ රජකුමරායි

ඔබට හිරු යැයි කියන්න දෝ නැතිනම් සඳු කියන්න ද 
පහනක් ලෙසින් අමතන්න දෝ නැතිනම් තරුවක් කියා
මා ගේ නම බබලනවා පුත ඔබ මාගේ රජකුමරායි

 Aaj ungli thamke teree, tujhe mai chalna sikh lau
 Kal hath pakadna meraa, jab mai buddha ho jau
 Tu mila toh maine paya, jina ka naya sahara
 Meraa nam karega roshan, jag me meraa raj dulara
 Tujhe suraj kahu ya chanda, tujhe dip kahu ya tara
 Meraa nam karega roshan, jag me meraa raj dulara


ඔබ අතැඟලි අල්වා ඇවිදින්නට අද මා උගන්වන්නෙමී
හෙට මා මහළුව ගිය විට ඔබ මා අතගෙන යාවී
ඔබ හමු වීමෙන් මා තේරුම්ගත්තා ජීවිතේ අළුත් මාවතක්
මා ගේ නම බබලනවා පුත ඔබ මාගේ රජකුමරායි
ඔබට හිරු යැයි කියන්න දෝ නැතිනම් සඳු කියන්න ද 
පහනක් ලෙසින් අමතන්න දෝ නැතිනම් තරුවක් කියා
මා ගේ නම බබලනවා පුත ඔබ මාගේ රජකුමරායි



Mere bad bhee is duniya me, jinda meraa nam rahega
Jo bhee tujhko dekhega, tujhe meraa lal kahega
Tere rup me mil jayega, mujhko jivan do bara
 Meraa nam karega roshan, jag me meraa raj dulara
Tujhe suraj kahu ya chanda, tujhe dip kahu ya tara
Meraa nam karega roshan, jag me meraa raj dulara

මා මේලොව හැර ගිය පසුව ද මා ගේ නම ලොව රැකී තියේවී
ඔබ දකිනා අය ඔබ මාගේ පුතු යැයි පවසාවී
ඔබ හමු වීමෙන් මා හට හමු වූවා අළුත් ජීවිතයක්
මා ගේ නම බබලනවා පුත ඔබ මාගේ රජකුමරායි
ඔබට හිරු යැයි කියන්න දෝ නැතිනම් සඳු කියන්න ද 
පහනක් ලෙසින් අමතන්න දෝ නැතිනම් තරුවක් කියා
මා ගේ නම බබලනවා පුත ඔබ මාගේ රජකුමරායි


චිත්‍රපටය - ඒක් පූල් දෝ මාලී (1969)
ගීතය - තුජේ සූර්ජ කහූන් යා චන්දා
ගායනය - මනනා දේයි
සංගීතය - රවී
පද - ප්‍රේම් ද්වාන්
නිශ්පාදනය අධ්‍යක්ෂණය  - දේවේන්ද්‍ර ගොයෙල්
රංගනය - බල්රාජ් සාහිනී , සාධනා

6 comments: