var popunder = true; හින්දි සින්දු: January 2012

Saturday, 21 January 2012

දිල්දාරා - Dildaara - Ra.One(2011)







When the night has come
When the night has come
then the land is dark
And the moon is the only light
We will see
Darling, darling

රාත්‍රිය එළඹුන කල්හි ලොවම අඳුරේ ගිලෙන්නේ
චන්දාලෝකය පමණී ඇත්තේ
අපි බලා හිඳිමු සොඳුරේ



Monday, 9 January 2012

ඔබ නිසාවෙන් මා ගොළුවී ජීවත් වුයෙමි - Tere liye- Veer Zaara







Tere liye, ham hain jiye, honton ko siye
ඔබ නිසාවෙන් මා ගොළුවී ජීවත් වුයෙමි
Tere liye, ham hain jiye, har aansoo piye
ඔබ වෙනුවෙන් මා හැඬු කඳුළු සඟවා ගත්තෙමි
Dil mein magar, jalte rahe, chaahat ke diye
මා හදවතේ තිබු සෙනෙහස තාමත් දැල්වේ
Tere liye, tere liye
ඔබ වෙනුවෙන්


Sunday, 1 January 2012

සුභ නව වසරක් වේවා

මගේ බ්ලොග් අඩවිය පටන් අරන් තවමත් එපමණ කාලයක් ගතවෙලා නෑ. ඒත් ඒකත් එක්ක රැඳිලා ඉන්න යාහළුවෝ හැමෝටම බොහෝම ස්තූතියි. 2012 වර්ශයට පා තබන අද දවසේ මම ප්‍රාර්ථනා කරන්නේ ඔබේ අපේ සියළු පැතුම් ඉටුවන වසරක් වේවා කියා.

හින්දි සින්දු බ්ලොග් අඩවියේ පලවෙන ගීත වල අනුවර්තනයන් වල මොනයම් හෝ වෙනස් කමක් වෙන්න ඕන නම් මට කියන්න. මොක ද මාත් තනිවම ඉගෙන ගන්න ගමන් ම තමයි මේ වැඩේ කරගෙන යන්නේ.

ගත වෙච්ච 2011 වර්ශය නම් බොලිවුඩ් සිනමාව උඩුයටිකුරු කරාපු වර්ශයක්. අළුත් චිත්‍රපටි සංස්කෘතිකමය වෙනස් කම් අසසම්තය සම්මත බවට පත්කිරීම් ඇති කරපු වර්ශයක් සේ සලකනවා.

පසුගිය පොස්ට් කිහිපයක සිට මම මේ පරිවර්තනය කරන සින්දු බාගත කරන්න අවස්ථාව දුන්නා.

මේ අඩවිය පටන් ගන්න කොට උදව් කරපු සුරේන්.එන්.සේමගේ සහෝදරයාව ස්තූති පූර්වකව මතක් කරන්න ඕන.

ඉතින් ඔබට අළුත් විදියකට අළුත් ගීත පැරණි ගීත මේ සියල්ල ලබා දෙන්න අපේක්ෂා කරනවා.. ඒවගේම මේ ගීත වල වීඩියෝ පටය ද ඔබට බාගත කිරීම හැකි වන පරිදි ඉදිරියේදී කටයුතු කරනවා.

රැදී ඉන්න ඔබට බොහෝම ස්තූතියි..