var popunder = true; හින්දි සින්දු: කවියෙක්ගේ සුන්දර පැබැඳුමක් වගේ - Banjaara - Ek Villan - 2014

Monday 4 August 2014

කවියෙක්ගේ සුන්දර පැබැඳුමක් වගේ - Banjaara - Ek Villan - 2014

Jise zindagi dhoondh rahi hai
Kya ye woh makaam mera hai
Yahaan chain se bas ruk jaaun
Kyun dil ye mujhe kehta hai
Jazbaat naye se mile hain
Jaane kya asar ye huaa hai
Ik aas mili phir mujhko
Jo qubool kisi ne kiya hai

මේ ජීවිතය තුල කුමක් නම් සොයා යම් ද ජීවිතය පුරා සැනැහී සිටින්නට වන අවසන් නවාතැන ද ඇත්තටම මේ? හදවත ද එසේ පවසන්නේ ඇයි? අළුත් හැඟුමන් මා තුල පිබිදිලා ඒවා මොනවාගේ දැයි කියන්නට මට ද තේරෙන්නේ නැ මා තුල නව බලාපොරොත්තු ඇති වෙලා හරියට යමෙක් මා පිලිගත්තා වගෙයි 


Haan..
Kisi shaayar ki ghazal
Jo de rooh ko sukoon ke pal
Koi mujhko yun mila hai
Jaise banjaare ko ghar

Naye mausam ki sehar
Yaa sard mein dopahar
Koi mujhko yun mila hai
Jaise banjare ko ghar

ආත්මයම ශාන්තියට පත්කරන්නා වු
කවියෙක්ගේ සුන්දර පැබැඳුමක් වගේ
මට ඔබ හමු වූවා
නිවසක් නැත්තෙකුට නිවසක නවාතැන් හමුවූවා සේ

සෘතුවේ පීදෙනා නව උදෑසනක් සේ
ශීත සෘතුවේ එළඹෙනා සැඳෑවක් සේ
හමු වූවා යමෙක් මට
නිවසක් නැත්තෙකුට නිවසක නවාතැන් හමුවූවා සේ 

Jaise koi kinaara
Deta ho sahaara
Mujhe wo mila kisi mod par
Koi raat ka taara
Karta ho ujaala
Waise hi roshan kare woh shehar

සහයන් දෙන මර්යාදාවක් සේ
ඇය මට හමූ වී පෙරලියක් කරා
රැයක දිලෙන තාරකාවක් සේ
ඇ මුළු නගරයක්ම එලිය කරා

Dard mere woh bhula hi gayaa
Kuch aisa asar huaa
Jeena mujhe phir se woh sikha raha

ඇ මගේ වේදනාවන් අමතක කරාය
ඇ මා තුල වෙනසක් ඇති කරාය
ඇය මට නැවතත් ජීවත් වන්නට ඉගැන්වූවා

Hmm.. 
Jaise baarish kar de tar
Yaa marham dard par
Koi mujhko yun mila hai
Jaise banjare ko ghar
Naye mausam ki sehar
Yaa sard mein dopahar
Koi mujhko yun mila hai
Jaise banjaare ko ghar

වර්ශාවකින් සියල්ල සේදී යන්නා සේ
රිදුම් දෙන තුවාලයට ඖෂධ ගැල් වූවා සේ
හමු වූවා යමෙක් මට
අහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේ
සෘතුවේ පීදෙනා නව උදෑසනක් සේ
ශීත සෘතුවේ එළඹෙනා සැඳෑවක් සේ
හමු වූවා යමෙක් මට
අහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේ


Muskaata yeh chehra
Deta hai jo pehraa
Jaane chhupata kya dil ka samandar
Auron ko toh hardam saaya deta hai
Woh dhoop mein hai khada khud magar
Chot lagi hai usey,
Phir kyun mehsoos mujhe ho raha hai
Dil tu bata de kya hai iraada tera

ඔය වතේ ඇඳෙන සිනහවන්
මා රක්ෂා කරයි
කිසිවෙකු දන්නේ නෑ සයුරක්
එහි හදවතේ කුමක් නම් සඟවා සිටී
දෝ කියා
ඈ හිරු රැස් දරමින්
අන් සැමට සෙවණක් වෙයි
ඇ හට යම් අනතුරක් වූ සැනින්
එහි වේදනාවන් මා හට ද වෙයි
හද, ඔබම කියන්න ඔබේ අරමුණ කුමක් දෝ කියා

Main parinda besabar
Tha uda jo darbadar
Koi mujhko yun mila hai
Jaise banjarey ko ghar
Naye mausam ki sehar
Yaa sard mein dopahar
Koi mujhko yun mila hai
Jaise banjarey ko ghar

මම පියඹා යන්නෙමි තැනින් තැනට
ඉඩහසරක් නැති පක්ෂීයෙකු ලෙසින්
හමු වූවා යමෙක් මට
අහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේ
සෘතුවේ පීදෙනා නව උදෑසනක් සේ
ශීත සෘතුවේ එළඹෙනා සැඳෑවක් සේ
හමු වූවා යමෙක් මට
අහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේ

Koi mujhko yun mila hai Jaise banjare ko ghar Jaise banjare ko ghar.. Jaise banjare ko ghar... Jaise banjare ko ghar....


හමු වූවා යමෙක් මට
අහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේ
අහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේ
අහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේ
අහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේ

ගීතය බාගත කරන්න | Download

චිත්‍රපටය - ඒක් විලන් (2014)
ගීතය - බන්ජාරා
ගායනය - මොහොඩ් ඉර්ෆාන්
පද රචනය - මිතූන්
සංගීතය - මිතූන්
අධ්‍යක්ෂණය - මෝහිත් සූරි
නිශ්පාදනය - එක්තා කපූර්,ශෝභා කපූර්
රංගනය - සිද්ධාර්ත්, ශ්‍රද්ධා කපූර්

No comments:

Post a Comment