var popunder = true; හින්දි සින්දු: piyu bole piyu bole- පවසයි පෙම්වදන් ඔහු - Parneetha 2009

Sunday 31 July 2011

piyu bole piyu bole- පවසයි පෙම්වදන් ඔහු - Parneetha 2009








piyu bole piyu bole piya bole jaanuu.n na  
පවසයි පෙම්වදන් ඔහු, එනමුදු එය මට නොතේරේ..
 
jiya Dole haule haule kyo.n yeh Dole jaanuu.n na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...

dil kii jo baate.n hai.n baate.n jo dil kii hai.n
හදවත් භාෂිතය එයයි. එය හදවතේ භාෂිතයයි.

dil hii me.n rakhna piya
එය හදෙහි රුවාගනු මැන පෙම්වත.



lab to na kholuu.n mai.n kholuu.n na lab to par
මුවින් කිසිවක් නොකියයි, නොකියයි කිසිවක් මුවින්... එනමුදු

aa.nkho.n se sab kah diya
දෙනෙතින් සියල්ල පවසයි...

piyu bole piya bole kya yeh bole jaanuu.n na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ..





jiya Dole haule haule kyo.n yeh Dole jaanuu.n na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...

piyu bole piya bole kya yeh bole jaanuu.n na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ..

jiya Dole haule haule kyo.n yeh Dole jaanuu.n na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...

ek nadii se mai.n ne puuchhaa iTHalaake chal dii kahaa.n
ගලනා නදියෙන් මා ඇසුවෙම්, උද්දාමයෙන් මෙන් කොතැනකට ගලන්නේදැයි කියා...

duur tere pii ka ghar hai balkhaake chal dii kahaa.n
ඈතයි, නුඹේ ප්‍රියයාගේ සෙවණත්, ලජ්ජාවෙන් මෙන් ඔබ කොතැනකදෝ නික්මෙන්නේ...

thoRa woh ghabaraa'ii thoRa saa sharmaa'ii
මද බියක්ද, මද ලැජ්ජාවක්ද සමඟිනි,

ujhalii yahaa.n se vahaa.n
නදියද තැනින්, තැනට ඇදී යන්නේ...

saagar se milne ka uska to sapna tha merii hii tarah piya
සාගරය නම් පෙම්වතා හමුවීමයි, නදියේද සිහිනය... පෙම්වතා වෙනුවෙන් මඟබලන මගේ අරමුණද එවැන්නකි...



jiya Dole haule haule kyo.n yeh Dole jaanuu.n na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...

piyu bole piya bole kya yeh bole jaanuu.n na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ..

jiya Dole haule haule kyo.n yeh Dole jaanuu.n na...
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...

mai.n ne puuchhaa ik ghaTa se itaraake chaldii kahaa.n
පාවීයන වලාකුළෙන් මා ඇසුවෙම්, උ‍ඬගුලෙසින් කොතැනකට පාවීයන්නේදැයි කියා...

pyaas kii bharii zamiin hai barso.n bhii tarsaa'o na
පිපාසයෙන් පීඩාවට පත්වඇත, පොළෝතලය. මහවැස්සෙන් එය සංසිඳුවාලන්න.

thoRa voh ghurraa'ii thoRa sa tharraa'ii
මද තරහවක්ද, මද තිගැස්මක්ද සමඟිනි,

garjii yahaa.n phir vahaa.n
වලාකුළද තැනින් තැනට ගිඟුරුම්ලන්නේ...

priit luTaatii phir chham chham chham barsii voh terii hii tarah piya
පෙම්වත් හද සොරාගත් වලාකුළ, චම් චම් හඬින් වැසි වස්සවයි. ඔබ වෙනුවෙන් මගේ ප්‍රේමයද එලෙසින්මයි...

piyu bole piya bole kya yeh bole jaanuu.n na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ..

jiya Dole haule haule kyo.n yeh Dole jaanuu.n na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...

piyu bole piya bole kya yeh bole jaanuu.n na
පවසයි පෙම්වදන්. එනමුදු පවසන්නේ කුමක්දැයි මට නොතේරේ..

jiya Dole haule haule kyo.n yeh Dole jaanuu.n na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...

piyu bole piyu bole piya bole jaanuu.n na  
පවසයි පෙම්වදන්. එනමුදු එය කුමක්දැයි මට නොතේරේ..


චිත්‍රපටය - පර්නීතා (2005)

ගීතය - පියා බෝලේ
ගායනය - ශ්‍රෙයා ඝෝෂාල් සමඟ සෝනු නිගම්



අධ්‍යක්ෂණය - ප්‍රදීප් සර්කාර්
නිශ්පාදනය - ශාන්ත නූ මෝයිත්‍රා
පද රචනය - ස්වා නන්ද කිර්කිරේ
රංගනය - සයිෆ් අලීඛාන් සමඟ විද්‍යාබාලන්










පරිවර්තනය :-


Suren N Semage

No comments:

Post a Comment