var popunder = true; හින්දි සින්දු: මේ මොහොත (Is Pal - Aja Nachale)

Friday 20 May 2011

මේ මොහොත (Is Pal - Aja Nachale)





පි-
මේ මොහොත, මාගේ ද නැත්නම් ඔබගේ ද
ගැ-
අප දෙදෙනාම නොවෙයි නම් ඒ අවකාශයදෝ



පි-
සිටිනවා ද නොසිටිනවාද යැයි කීමට ද නොදනී
ගැ-
කිමද , මේ  කියනා කිසිවක් නොඇසෙන්නේ
පි -
මේ මොහොතේ, මාගේ ද නැත්නම් ඔබගේ ද
ගැ -
අප දෙදෙනාම නොවෙයි නම් ඒ අවකාශයදෝ


පි -
ඔබ දුටු කල මා මතකේ නැගෙන්නේ
ඒ බිස්රීගේ  කථාවයි
උමතු වූ සොඳුරු කාව්‍ය නැවතත් වේ දෝ
ගැ-
අප දෙදෙනාම එක්ව ඉන්නා හැමකල
කිමද මේ හදවත මා කියනා කිසිවක් නොඅසන්නනේ..


පි-
මේ මොහොත, මාගේ ද නැත්නම් ඔබගේ ද
ගැ-
අප දෙදෙනාම නොවෙයි නම් ඒ අවකාශයදෝ
පි-
සිටිනවා ද නොසිටිනවාද යැයි කීමට ද නොදනී
ගැ-
කිමද , මේ  කියනා කිසිවක් නොඇසෙන්නේ


ගැ -
ආදරයක් එහි වූවා.................


පි-
ඔබට මතකද අර පරණ ලේඛ් ආවු
නැත්නම් මේ ජාවූ ලකුණ ද?  නැතිනම් මේ ජාවූ ලේඛ් ද?
ගැ-
ඉවතලමු නැති නම් ඒ වටිනා වස්තුව,  නමුත් එය ඇත්තේ කොහි ද?


පි-
මේ මොහොත, මාගේ ද නැත්නම් ඔබගේ ද
ගැ-
අප දෙදෙනාම නොවෙයි නම් ඒ අවකාශයදෝ
පි-
සිටිනවා ද නොසිටිනවාද යැයි කීමට ද නොදනී
ගැ-
කිමද , මේ  කියනා කිසිවක් නොඇසෙන්නේ


පි -
මේ මොහොත.............................

ගීතය - ඉස් පල් (මේ මොහොත)
චිත්‍රපටය - ආජා නචලේ (නටන්න එන්න) 2007
ගායනය - සෝනු නිගම් සමඟ ශ්‍රීයා ගෝෂාල්
සංගීත අධ්‍යක්ෂණය -සලීම් මර්චන්ට්, සුලෛමාන් මර්චන්ට්
ගී පද - පියුෂ් මිශ්රා, ජායිදීප් සානි
අධ්‍යක්ෂණය - අනිල් මෙහෙතා
නිශ්පාදනය - යාශ් රාජ් ෆිල්ම්ස් වෙනුවෙන් ආදිත්‍ය චොප්රා
රංගනය - කුනාල් කපූර් , කනොකි සෙන් ශර්මා සමඟ මධුරි ඩික්සිත්

පරිවර්තනය - දුලාන් ආසිරි දළුගම

No comments:

Post a Comment