var popunder = true; හින්දි සින්දු: ඔබමයි ඔබමයි (Thuhire - Bombay)

Monday 23 May 2011

ඔබමයි ඔබමයි (Thuhire - Bombay)





පි - 
tu hi re, tu hi re, tere bina main kaise jiyu 
ඔබමයි ඔබමයි,ඔබ නැතිව මා ජීවත් වන්නේ කෙසේ
aaja re, aaja re, yu hi tadpa na tu mujhko 
එන්න එන්නකෝ,මා මෙළෙස වේදනාවෙන් පෙළන්නට එපා
jaan re, jaan re, in saanso mein bas jaa tu 
ජීවිතයේ(පෙම්වතියේ)* ජීවිතයේ පැමිණ මා සුසුම් තුළ හිඳිනු මැන
chaand re, chaand re, aaja dil ki zameen pe tu
සඳවතියේ සඳවතියේ පැමිණ මා හද මණ්ඩලය වෙත පැමිණෙන්නකෝ





chahat hai agar aake mujhse mil jaa tu 
ඔබ ප්‍රේමය දරන්නී නම් පැමිණ මා හමුවන්න
yaa phir aisa kar, dharti se mila de mujhko 
එසේ නොහැකි නම් මා මේ ධරණීතලයෙන් අතුරුදහන් කරන එක විතරක්ම කරන්න
tu hi re, tu hi re, tere bina main kaise jiyu 
ඔබමයි ඔබමයි,ඔබ නැතිව මා ජීවත් වන්නේ කෙසේ
aaja re, aaja re, yu hi tadpa na tu mujhko 
එන්න එන්නකෝ,මා මෙළෙස වේදනාවෙන් පෙළන්නට එපා


In SaaNsoN Kaa Dekho Tum Paagalapan Ke 
බලන්න මේ හැම සුසුමකම පවතින උමතුබව
Aaye NahiiN InheN Chain
ඒවා හැමෙකක්ම චංචල වී ඇත්තේ
Mujhase Ye Bolii MaiN RaahoN MeN Terii 
ඔවුන් මා වෙත පවසන්නේ ඔබේ එන මාවත දෙස
Apane Bichhaa DuuN Ye Nain 
නුඹේ නෙතු යොමා බලන්නයි කියා
In UuNche PahaaDoN Se JaaN De DuuNgaa MaiN 
මම මිය යන්නෙම්මී මේ උස් වු කඳු මුඳුනේ හිඳ
Gar Tuum Naa Aaii KahiiN 
ඔබ නාවෝතින්
Tum Udhar Jaan Ummiid Merii Jo ToDo 
ඔබ මගේ පැතූ පැතුම් විනාශ කලේ වී නම්
Idhar Ye JahaaN ChhoDuu MaiN 
ඒ මොහොතේම මා මේ ලොව හැරයන්නෙම් 
Maut Aur, Jindagii, Tere Haatho.N MeiN De Diyaa Re 
ජීවිතය හා මරණය ,‍ මා ඔබේ දෑතේ තබා ඇත්තෙමි


ගැ- 
Aaii Re, Aaii Re, Le MaiN Aaii HuuN Tere Liye 
ආවෙමි ආවෙමි මා නුඹ වෙනුවෙන් පැමිණියෙමි
ToDaa Re, ToDaa Re, Har BaNdhan Ko yaar Ke Liye 
බිඳදැම්මෙමි මගේ හැම සම්බන්ධයක්ම පෙම්වත නුඹ වෙනුවෙන්
Jaan Re, Jaan Re, Aajaa TujhameiN Samaa JaauuN MaiN 
ඕහ් ජීවිතය(පෙම්වත) මට නුඹ තුලම මිය යා යුතුවේ
Dil Re Dil Re, Teri SaaNsoN MeiN Bas JaauuN MaiN
ඕහ් මාහට ඔබේ හදේ ලැඟුම් දෙන්න.


පි - 
chahat hai agar aake mujhse mil jaa tu 
ඔබ ප්‍රේමය දරන්නී නම් පැමිණ මා හමුවන්න
yaa phir aisa kar, dharti se mila de mujhko 
එසේ නොහැකි නම් මා මේ ධරණීතලයෙන් අතුරුදහන් කරන එක විතරක්ම කරන්න
tu hi re, tu hi re, tere bina main kaise jiyu 
ඔබමයි ඔබමයි,ඔබ නැතිව මා ජීවත් වන්නේ කෙසේ
aaja re, aaja re, yu hi tadpa na tu mujhko 
එන්න එන්නකෝ,මා මෙළෙස වේදනාවෙන් පෙළන්නට එපා


ගැ -
Sau Baar Bulaae MaiN Sau Baar AauuN, 
ඔබ මාට සියවරක් ඇමතූවිට මා සියවරක් පැමිණෙන්නෙමි
Ik Baar Jo Dil Diyaa 
එක වරක දී මා හද පුදන්නමි
Ik AaNkh Roye To Dujii Bolo, 
එක් ඇසක් හඬන්නේ නම් අනික කුමක් කරයි ද
Soyegii Kaise Bhalaa,
නින්ද මට පහදා දෙන්න?
In Pyaar Kii RaahoN MeiN Patthar HaiN Kitane 
කෙතරම් ගල් පර්වත තිබූවද ප්‍රේමයේ මාවතේ
Un Sab Ko Hii Paar Kiyaa 
මා ඒ සියල්ල පසුකෙරුවෙමි
Ik Nadii HuuN MaiN Chaahat Bharii Aaj Milane 
මම ආදර නදියක්මී මුණගැසෙන්නට බලාසිටින (සමුදුර)
Saagar Ko Aaii YahaaN 
සයුර , මම පැමිණ සිටින්නෙමි 
Sajanaa, Sajanaa, Aaj AaNsuu Bhii Mithe Lage 
මගේ සුපෙම්වත, දැන් කඳුළු වුවද දැනෙන්නේ මිහිරි ලෙසිනි


පි -
tu hi re, tu hi re, tere bina main kaise jiyu 
ඔබමයි ඔබමයි,ඔබ නැතිව මා ජීවත් වන්නේ කෙසේ
aaja re, aaja re, yu hi tadpa na tu mujhko 
එන්න එන්නකෝ,මා මෙළෙස වේදනාවෙන් පෙළන්නට එපා
jaan re, jaan re, in saanso mein bas jaa tu 
ජීවිතයේ(පෙම්වතිය) ජීවිතයේ පැමිණ මා සුසුම් තුළ හිඳිනු මැන
chaand re, chaand re, aaja dil ki zameen pe tu
සඳවතියේ සඳවතියේ පැමිණ මා හද මණ්ඩලය වෙත පැමිණෙන්නකෝ


ගැ -
Pal Pal Pal Pal Vakt To Bitaa Jaaye Re 
මොහොතින් මොහොත ගතවන්නේ
Zaraa Bol Zaraa Bol Vaqt Se Ke Vo Tham Jaaye Re 
කියන්න මට නැවතිය යුතු මොහොත
Aaii Re, Aaii Re, Le MaiN Aaii HuuN Tere Liye 
ආවෙමි ආවෙමි මා නුඹ වෙනුවෙන් පැමිණියෙමි
Jaan Re, Jaan Re, Aajaa TujhameiN Samaa JaauuN MaiN 
ඕහ් ජීවිතය(පෙම්වත) මට නුඹ තුලම මිය යා යුතුවේ





ගීතය - තුහිරේ
චිත්‍රපටය - බොම්බේ(1995)
ගායනය - හරිහරන් / කවීතා ක්‍රිශ්නමූර්ති
සංගීතය - ඒ ආර් රහුමාන්
අධ්‍යක්ෂණය - මනිරත්නම්
නිශ්පාදනය -
රංගනය - ආනන්ද් ස්වාමී / මනීශා කොයිරාල









පසුවදන - මෙම ගීතය රචනා කරු *ජාන්* යන වචනය යෙදූවේ ආදර වන්තිය හැඳින්වීමටයි. සිංහලේදී අප *පණ* යන වහරද යොදාගනී. නමුත් මෙහි මා යෙදුවේ *ජීවිතය* යනුවෙනි

No comments:

Post a Comment