var popunder = true; හින්දි සින්දු: නුඹගෙනි - Thum Se hi - Jub We Met

Friday 17 June 2011

නුඹගෙනි - Thum Se hi - Jub We Met




උපයාගත් කිසවක් නොමැත
නැති වූ කිසිවක් ද නොමැත
ඔබේ නොපැමිණීම
ඔබ පැමිණියා හා සමානයි
ඇරඹේ දවස නුඹත් සමඟින්
  
වෙහෙසකර සවස් යාමයන් එළඹෙන්නේ
නුඹෙනි //
හැම මොහොතකම , හැම සුසුමක ම
මේ ජීවිතය මා සතු
නුඹගෙනි //



උපයාගත් කිසිවක් නොමැත
නැති වූ කිසිවක් ද නොමැත
ඔබේ නොපැමිණීම
ඔබ පැමිණියා වාගේයි


මගේ දෑස් එබී බලයි නුඹේ දෑස් වෙත
මගේ දෑත් ඇත නුඹේ අත් මත
මගේ කියා කිසිවක් නොමැතිය මා සතු
කුමක් සිදු වී ද ?
මගේ කථාවන් සියල්ල නුඹේ වදනින් පිරී ඇත්තේ
මුළු රාත්‍රීය පිරී ඇත්තේ නුඹ රැගෙන ආ කථාවන්ගෙනි
ඇයි මේ සියල්ල නුඹේ වී ඇත්තේ
සිදු වී ඇත්තේ කුමක් ද?
කොහේ ගිය ද මා, දුරස් නොවෙන්නෙමි
නුඹගෙන් //
මේ කළබල අස්සේ නිහඬබව රැඳී ඇත්තේ
සියුම් උමතුබවක් රැඳී ඇත්තේ
නුඹ ගෙනි //


කොහේ හෝ අඩාල වූ පොරොන්දුවක් ඇත්තේ
තවත් කොහේ හෝ ඊටත් වැඩිපුර
මට දැනේනේ ඔබ වෙත ගෞරවයක් ගොඩනැඟෙන්නා වැනිය
මට උවමනා වුවද පැහැර හැරීමට නොහැක
බිඳ දැමීමට ද නොහැක මං කැමති වූවද
මා නුඹට කෙරේ බැඳි ඇත්තේ
නුඹයි මා සැදු
මා කුමන තැනක සිටිය ද
නුඹගෙනි//
මාවතේ දී හමුවන්නේ
නැවතුම්පල සොයාගෙනෙන්නේ
නුඹ‍ගෙනි//


උපයාගත් කිසිවක් නොමැත
නැති වූ කිසිවක් ද නොමැත
ඔබේ නොපැමිණීම
ඔබ පැමිණියා වාගේයි


ගීතය - තුම් සේ හී
චිත්‍රපටය - ජබ් වී මෙට් (2007 )
ගායනය - 
සංගීතය - ප්‍රීතම් චක්‍රබෝර්ති
පද රචනය - ඉර්ශාඩ් කමිල්
අධ්‍යක්ෂණය - ඉමිතියාස් අලී
නිශ්පාදනය -  ශ්‍රී අශ්තාවිනායක් සිනේ විෂන් ලිමිටඩ්
රංගනය - ශාහිඩ් කපූර් සමඟින් කරීනා කපූර්


No comments:

Post a Comment